ක්‍රිකට් සඳහා තලේබාන් අනුමැතිය !

494

පෙර සැළසුම් කළ පරිදි ලබන නොවැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම සහභාගී වනු ඇතැයි එරට ක්‍රිකට් මණ්ඩලයේ නව සභාපතිවරයා මාධ්‍යයට සඳහන් කර තිබෙනවා.

නව ක්‍රිකට් සභාපති ලෙස හමීඩ් ෂින්වාරි පත්කර ඇත්තේ ද තලේබාන් නායකයා ගේ අනුමැතිය අනුවයි.

මෙම තරගය 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමුණු අතර එය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 1 දක්වා පැවැත්වීමට නියමිතයි.