ක්‍රිකට් ලෝක කුසලාන දෙකක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුමක්

1249

ශ්‍රී ලංකාව අවසන් වරට 2012 දී ICC ලෝක කුසලානයක් පැවැත්වූ අතර එහිදී බටහිර ඉන්දීය කණ්ඩායම විසින් සත්කාරක ශ්‍රී ලංකා පිළ පරාජය කරනු ලැබුවා.

2024 සිට 2031 දක්වා එළඹෙන අවුරුදු හතක කාලය තුළ අවම වශයෙන් ප්‍රධාන තරඟාවලි දෙකක් සඳහා ඉල්ලුම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානමින් පසුවන බව වාර්තා වෙයි.

එළඹෙන අවුරුදු හතක කාලය තුළ ලෝක කුසලාන දෙකක් සඳහා සත්කාරකත්වය දැක්වීමට අපගේ උනන්දුව පෙන්වා තිබෙනවා.ඉන් එකක් විස්සයි20 පිරිමි ලෝක කුසලානය වන අතර අනෙක කාන්තාවන් සඳහා වන ලෝක කුසලාන තරඟාවලියක්.

2024 සිට 2031 දක්වා පැවැත්වීමට නියමිත කාන්තා හා පිරිමි ක්‍රිකට් තරඟාවලි වල කාලසටහන් පිළිවෙලින් මැයි 8 සහ ජුනි 1 යන දිනවල ICC නිවේදනය කරනු ලැබුවා.

කෙසේවෙතත්,ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සුදානම් වන්නේ කුමන තරඟාවලිය ද යන්න තීරණය කල නොමැත.2021 දී ඉන්දියාවේ සහ 2022 දී ඕස්ට්‍රේලියාවේදී විස්සයි20 ලෝක කුසලානය පැවැත්වීමෙන් පසු රටවල් 20 ක සහභාගීත්වයෙන් 2024,2026,2028 සහ 2030 වසරවලදී කාන්තා සහ පිරිමි විස්සයි20 ලෝක කුසලාන පැවැත්වීමට සුදානමින් සිටී.

මීට අමතරව 2027 සහ 2031දී පිරිමි එක්දින ලෝක කුසලානය පැවැත්වෙන අතර 2025 සහ 2029දී කාන්තා ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව තිබේ.