BREAKING NEWS
Search

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමි‍ටු සභාපති ලෙස පත්වී යැයි පැතිර යන පුවත අසත්‍යයි

1405

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමි‍ටු
සභාපති ලෙස පත්වී යැයි පැතිර යන පුවත අසත්‍යයි

ශ්‍ ලංකා ක්‍රිකට් කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ විවිධාකාරයේ විවේචන රැසකට ලක්වෙමින් පවතියි. ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් මෙන්ම ක්‍රිකට් පරිපාලකයින් අලලා ද විවේචන ඉදිරිපත් කරන අයුරු අපට පසුගිය දින වලදී දැකගන්නට ලැබුණු අතර අප ඒ සම්බන්ධයෙන් පළවූ අසත්‍ය සටහන් පිලිබඳ විමර්ෂණ ද අප සිදුකළා. 

මේ අතර පුද්ගලික හේතුන් මත ක්‍රිකට් තේරීම් කමි‍ටු සභාපති අසන්ත ද මෙල් මහතා තනතුරින් ඉවත් වීමත් සමඟ පුරප්පාඩු වූ එම තනතුරට, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වූ මහේල ජයවර්ධන මහතා පත්කර ඇති බවට සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම මේ වන තෙක් තේරීම් කමිටුවේ සභාපති සඳහා කිසිඳු නිල පත්කිරීමක් හෝ නිල වශයෙන් නම් නිර්දේශ කිරීමක් සිදුකර නොමැති බව අපට තහවුරු විය.

මෙහි සත්‍යතාවය තහවුරු කර ගැනීමට අප ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය අංශයේ ප්‍රධාන නිලධාරියෙකු සම්බන්ධ කර ගත්තා. ඔහු පවසා සිටියේ තවමත් ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමි‍ටුවට සභාපති වරයෙකු පත් කර නොමැති බවයි. 

ශ්‍රී ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් තේරීම් කමි‍ටු සභාපතිවරයෙකු පත් කිරීම ක්‍රිකට් පාලක මණ්ඩලයේ (Sri Lanka Cricket) තීරණයක් වන අතර එසේ යෝජිත නම හෝ නම් කිහිපය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා අමාත්‍යංශයේ තහවුරු කිරීමෙන් පසුව පමණක් මෙම තනතුරට නව පුද්ගලයෙකු පත් කිරීම සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කර සිටියා. තවමත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කිසිවෙකුගේවත් නමක් යෝජනා කර ක්‍රීඩා ඇමතිවරයාට යවා නොමැති බව ද අපට දැනගන්නට ලැබුණා.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) නිලධාරීන්, ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් යන මහත්වරුන් එකතුවී ක්‍රිකට් කීඩාවට අදාලව තීන්දු කිහිපයක් ගෙන ඇති අතර නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීම; තරඟකාරී දේශීය හා පළාත් ක්‍රිකට් තරඟාවලි ක්‍රීඩා කිරීම; ක්‍රීඩකයන්ගේ විනය හා යෝග්‍යතාවය සඳහා ප්‍රමුඛතාවය ලබා දීම; ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු කාර්ය සාධනය මත පදනම් වන අතර ප්‍රධාන පුහුණුකරුට සහාය වීම සඳහා අධ්‍යක්ෂවරයෙකු සහ උපදේශකයෙකු පත්කිරිම එම ප්‍රධාන කාරණා වේ.