ක්‍රිකට් ජයට ජනපතිත් සතුටින්!

484

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම හා පැවැති විස්සයි20 තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙත ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පැතුම් පිරිනමා තිබේ.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ නව ජවයකින් හා නැවුම් බලාපොරොත්තුවකින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ බවයි.

ජනපතිගේ ෆේස්බුක් සටහන මෙසේය.

“නව ජවයකින් හා නැවුම් බලාපොරොත්තුවකින් යුතු ව එකා වන් ව ක්‍රීඩා කරමින්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් සන්නාමය රැකගැනීමෙහිලා අතිවිශිෂ්ට කැපවීමකින් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේදී ඉන්දියානු කණ්ඩායම සමඟ තරඟ වැදී තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත හිමි කරදුන් අපගේ ක්‍රිකට් කණ්ඩායම වෙත මාගේ සුභාශිංසනය පිරිනමමි.”