ක්‍රිකට් ගිය පාරේම මලල ක්‍රීඩාවත් ? නිරෝධායනය අතරේ පැවැත්වූ ම ත්පැන් සාදයේ තොරතුරු හෙළිවේ

544

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට අනුබද්ධ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්වී සිටි ඉන්දියාවේ පකියලා නුවර පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ම ත්පැන් සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ පාලනාධිකාරිය විසින් ඊයේ (04දා) ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පැමිණිලි කර තිබෙනවා.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරෝධායන නීති රීති උල්ලංඝනය කරමින් ම ත්පැන් සාදය පවත්වන විට ඔවුන් බාරව සිටි නිලධාරීන්ද ඊට කිසිදු විරෝධයක් නොදක්වා නිසොල්මනේ සිටි බවටද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සහ නිලධාරීන් දෙදෙනකුගෙන් සමන්විත මෙම මලල ක්‍රීඩා කණ්ඩායමට පාසල් යන වයසේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිටින බවටද එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.

ඉන්දියාවේ පකියලා නුවර පැවැති අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ මෙම මලල ක්‍රීඩා කණ්ඩායම පසුගිය 02 වැනිදා අලුයම 2.00ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

නිරෝධායනය කිරීම සඳහා සුගතදාස හෝටලයට තමන්ව රැගෙන යනු ඇතැයි එම මලල ක්‍රීඩා කණ්ඩායම බලාපොරොත්තු වුවද නිරෝධායනය කිරීම සඳහා ඔවුන්ව රැගෙන ගොස් තිබෙන්නේ මාතර නිල්වලා විද්‍යා පීඨයෙහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයටයි.

තමන්ව සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්නොකොට මාතර නිල්වලා විද්‍යා පීඨයෙහි නිරෝධායනයට ගෙන යෑම සම්බන්ධයෙන් මෙම මලල ක්‍රීඩා කණ්ඩායම තම නොසතුට පළ කර ඇති අතර ඒ ගැන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයටද පැමිණිලි කර තිබුණා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන් මෙම මලල ක්‍රීඩා කණ්ඩායම ඉතා කඩිනමින් සුගතදාස හෝටලයේ නිරෝධායනය වීමට කටයුතු කර තිබෙනවා.

එසේ සුගතදාස හෝටලයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අවස්ථාවේ 03 වැනිදා රාත්‍රි මෙම පිරිස ම ත්පැන් සාදයක් පැවැත්වූ බව මෙම පැමිණිල්ලෙහි සඳහන් වී තිබෙන බව වාර්තා වන්නේ.

දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබු මේ පුවතට ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා