ක්‍රිකට් කොන්ත්‍රාත් අර්බුදය අවසන්-අත්සන් තැබීමට ක්‍රීඩකයින් එකඟ වේ

335

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයින් අතර දීර්ඝ කාලයක් තිස්සේ දිග්ගැස්සුණු ජාතික ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත් අර්බුදය අවසන් කරමින් ක්‍රීඩකයින් නව ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීම සදහා එකඟතාව පළ කර තිබෙනවා.

දක්ෂතා පදනම් කර ගනිමින් නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම සකසා ඇති අතර ක්‍රීඩකයින් 24 දෙනෙකු සදහා ජාතික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

පල්ලේකැළේ දී මේ දිනවලදී පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලිය සදහා එක්ව සිටින ක්‍රීඩකයින් අතරින් නව ජාතික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට ඇතුළත් ක්‍රීඩකයින් එහිදී අත්සන් තබා ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

අනෙකුත් ක්‍රීඩකයින් ද අද දිනය වන විට ඊට අත්සන් තබනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

ඒ අනුව මෙම නව ජාතික ක්‍රිකට් කොන්ත්‍රාත් ගිවිසුම මාස 5ක කාලයක් සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබීමත් කැපී පෙනෙනවා.