BREAKING NEWS
Search

ක්‍රිකට් ක්‍රීඩකයෙකු දකුණේ හෝටලයකදී යකා නැටුවාද ? ක්‍රිකට් ආයතනයෙන් විමර්ශනයක්

123

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු දකුණු පළාතේ හෝටලයක පැවති උත්සවයකදී කළහයකට මැදිහත්වී ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා සත්‍ය දැයි තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සඳහන් කලේ ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් සමීපව අධ්‍යයනය කරන්නේ යැයි ක්‍රිකට් කළමණාකරණ කමිටුව අවධාරණය කරන බවයි.

විනය විරෝධීව කිසියම් අයෙකු කටයුතු කරන්නේ නම් දැඩි පියවර ගන්නා බවද නිවේදනයේ සඳහන්.

මේ අතර ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් නව ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ඇති බවද නව කොන්ත්‍රාත් බලාත්මක කිරීමේදී එයද සක්‍රීය කිරීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කලා.