BREAKING NEWS
Search

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුපෙන් 40% ක් අඩු කරයි

1951

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම දැක්වූ දුර්වල තරග විලාසය හේතුවෙන් ක්‍රීඩකයන්ගේ වැටුපෙන් 40%ක් කපා හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධය ඔස්සේද දැඩි සේ කතාවන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ පසුගියදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් දැඩි තීරණයට එළඹීමත් සමගිනි.ඒත් අනුව එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය මේ සඳහා ප්‍රධාන හේතුවක් බවට පත්විය.

එංගලන්තයට එරෙහිව පැවැති පළමු පළමු ටෙස්ට් තරගය කඩුලු 7කින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ටෙස්ට් තරගයද කඩුලු 6කින් පරාජයට පත් වූයේ ශ්‍රී ලංකාවට තරග 2 – 0ක තරගාවලි පරාජයක් උරුම කර දෙමිනි.

ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉහළ පෙළේ පසුවූ  ක්‍රීඩකයෙකුට වාර්ෂික කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් 120,000 පමණ ලැබුණේ නම් එය ඇමරිකානු ඩොලර් 70,000 ක් දක්වා අඩු වීමට නියමිතය.

ක්‍රීඩකයෙකු වාර්ෂික කොන්ත්‍රාත්තු මුදලකට අමතරව ටෙස්ට් තරගයක් සඳහා ඇමරිකානු ඩොලර් 7500 ක්,එක්දින තරගයක් සඳහා ඇමරිකානු ඩොලර් 4000 ක් මෙන් ම විස්සයි 20 තරගයක් සඳහා ඇමරිකානු ඩොලර් 2000 බැගින් ගෙවනු ලැබේ.

ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතිමුත්,ක්‍රීඩා අමාත්‍යංශයේ නියෝග මත වැටුප් කප්පාදුව සිදු කිරීමට නියමිත බව සඳහන් වේ.වැටුප් කප්පාදු කරන්නා සේම ක්‍රීඩකයන් කණ්ඩායමක් වශයෙන් තරග ජයග්‍රහණය කරන්නේ නම් ඔවුන්ගේ ගෙවීම් දෙගුණ කර ලබා දීමට කටයුතු කරන බව පවසා තිබේ.