මම සැර වෙයි.. කණ්ඩායම භාරදෙන්නේ නම් හදලා ගන්න සූදානම් – සනත් කියපු කතාව.

1087

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමාට භාරදෙන්නේ නම් ඒ වගකීම උපරිමයෙන් සිදුකරන බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා පවසයි.

අද දෙරණ ඔස්සේ විකාශය වන “මොකද වුණේ ? ” වැඩසටහන සමඟ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – ක්‍රිකට්වලට මොකද වුණේ ?

“අලුතින් ගිය කණ්ඩායමක්. අත්දැකීම් අඩුයි. හොඳ සැලැස්මක් කරලා ක්‍රීඩකයෝ ටික තෝරගෙන, පුහුණු තරඟ ගොඩක් ක්‍රීඩා කරලා අඩුපාඩු හදාගන්න පුළුවන් නම් හොඳයි ඉතින්.“

ප්‍රශ්නය – ක්‍රීඩකයින්ගේ විනය පිරිහීම පරාජයන් ට හේතුවෙනවා ද?

“ක්‍රීඩකයෝ දැනගන්න ඕනේ තමන්ට ඕනේ මොකද්ද කියලා. තමන් ලංකාවට ක්‍රීඩා කරලා කීර්ති නාමයක් රට වෙනුවෙන් ගේනව ද? නැත්නම් විනය විරෝධීව ඉදලා මිනිස්සුන්ගෙන් බැනුම් අහලා ගෙදර යනවා ද කියන එක. එක අඩුපාඩුවක් වුණොත් ඒ අඩුපාඩුව දිගට එකින් එකට බැඳි බැඳී දම්වැලක් වගේ යනවා.“

ප්‍රශ්නය – ඒ කාලේ හා දැන් කණ්ඩායම අතර පරිසරය කොහොම ද දකින්නේ ?

“දැන් කාලයක් එක්ක අවුරුදු 15 – 20ක් යද්දි මේ හැමදේම වෙනස් වෙලා. අපි එක් මැද තැනක ඉදලා බැලුවොත් තමයි හොඳ. තම තමන් පෞද්ගලිකව දැන ගන්න ඕනේ මේක හදාගන්න ඕනේ විදිය.“

ප්‍රශ්නය – ඔබට තිබුණ හික්මීමත් එක්ක තරුණ ක්‍රීඩකයින්ට මොකද් ද ලබාදෙන ආදර්ශය‍.

“ජීවිතේ හැමදේම තාවකාලිකව ලැබෙන දේවල්. හැබැයි අමුතු තත්ත්වයක් ඇඟට දා ගන්නේ නැතුව සාමාන්‍ය විදියට පොළොවේ පය ගහලා නිහතමානී විදියට ඉන්න ඕනේ. ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් කියන එක දැනෙන් තමයි ක්‍රීඩා කරන්න ඕනේ.“

ප්‍රශ්නය – සමාජ මාධ්‍ය භාවිත කරන විදිය කොහොම ද අපේ ක්‍රීඩකයෝ.

“ඒකත් තවත් විනාශයක්. සමහරු ඕනවටත් වැඩිය මේ වගෙන්ම යැපෙන්න බලනවා. ඒවට වෙනම කට්ටිය දාගෙන ඒ අයව උස්සලා අරගෙන. තමන් හොඳට කරොත් සමාජයේ ඉන්න හැමකෙනෙක් ම ඔයාව උස්සලා තියයි තියන්න ඕන තැනින්.“

ප්‍රශ්නය – හැමෝම බලාපොරොත්තුව ඉන්නවා පුතා ක්‍රිකට්වලට එයි ද කියලා.

“සැර කිරීමක් එක්ක තමයි මම පුහුණුවීම් කටයුතු කරන්නේ. යම් විනයක් හදාගන්න ඕනේ නිසා. දැන් ඉන්න ළමයින්ට ගහන්න පුළුවන් කාලයක් නෙමෙයි. හැබැයි එයාට දැනෙන් ටිකක් සැරෙන් කියන්න ඕනේ.“

ප්‍රශ්නය – පුතා වගේම ශ්‍රී ලංකා කණ්ඩායමත් අනාගතයේ දී භාරදුන්නොත් හොඳින් හදාගන්නවා ද?

“මට යම්කිසි රාජකාරියක් භාරදුන්නොත් ඒක උපරිමයෙන් කරන කෙනෙක්. ඒක තමයි මම කරන විදිය. බලමු“