ක්‍රිකට් පිටියේ හැංගුණු බෝන් අගේන් නම් 8 එළියට

ByPasindu

Jan 12, 2023

ඔස්ට්‍රේලියාවේ පැවැති 2022 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් නැගුණු චෝදනාවලට අදාළව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරන ලද පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලය විසින් ලබාදුන් වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ‘බෝන් අගේන්’ ආගමෙන් සිදුව ඇති බලපෑම පිළිබඳ පරිච්ඡේදයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ පුද්ගලයන්ගේ නම් 8ක් සඳහන්ව තිබේ.

භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයන්, ඈෂ්ලි ද සිල්වා සහ ජෙරම් ජයරත්න යන ක්‍රිකට් පරිපාලකයන්, ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ, පුහුණුකරු රුවන් කල්පගේ, විනිසුරු ලින්ඩන් හැනිබල් යන නම් බෝන් අගේන් අනුගාමිකයන් වශයෙන් එහි සඳහන් කර ඇත.