BREAKING NEWS
Search

කළු ඉරිදා අදයි.. සියළු කතෝලික දේවස්ථාන ඉදිරියේ සාමකාමි විරෝධතා..!

225

අද දිනයේ කළු ඉරිදාවක් ලෙස මෙරට කතෝලික සභා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අද දේව මෙහෙයට සහභාගී වන සියලු කතෝලිකයන්ට කළු ඇඳුමින් සැරසී පැමිණි ලෙස දැනුම්දී ඇත.

පාස්කු ඉරිදා සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් මෙම සාමකාමී විරෝධතාවය පවත්වයි.

අද පැවැත්වෙන දේව මෙහෙය අවසානයේ දේවස්ථාන ඉදිරියේ යුක්තිය ඉල්ලා දෙවියන්ට කන්නලව් කිරීමක් මෙන්ම නිහඬ විරෝධතාවක්ද පවත්වන්නට කතොලික සභාව කටයුතු කර තිබෙනවා.

කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති අති උතුම් වින්සන්ට් ප්‍රනාන්දු හිමිපාණන් සඳහන් කළේ,

” මේ සිදුවීමෙන් පසුව සාධාරණය ඉෂ්ඨ කරන්නේ නැතිනම්, මේ රටට ඉදිරියේදී ඉතාමත්ම ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ පාන්නට සිදුවෙයි. එය වැළැක්විය නොහැකි වෙයි.” යනුවෙනි.

මේ අතර කතෝලික සභාවේ තීරණය තමන්ද අනුමත කරන බව මහා සංඝරත්නය සඳහන් කර තිබුණි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් “ඒ සිදුවීම කවුද කලේ කියන එක අද වෙනකම් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් කමක් ලැබිලා නෑ. මේ දේ කතෝලිකයන්ට විතරක් එල්ල වූ දෙයක් නෙමෙයි. සියලු ජාතීන්ට එල්ල වූ දෙයක්.” යනුවෙන් පැවසීය.

“කාදිනල්තුමා කරන කියන දේ අපිට අනුමත කරන්න වෙනවා. ඒ සඳහා සහයෝගය දීමට වුණත් අපි ඉදිරියේදී ඉදිරිපත් වෙනවා.” යනුවෙන් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසති.

මෙම කළු ඉරිදාවට සහාය දැක්වීමට සමගි ජන බලවේගය පක්ෂයද තීරණය කර තිබේ