කළුතරින් කොරෝනා පවුල් පොකුරු

437

කළුතර පොලිස් අධිකාරි කොට්ඨාසයෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් 13 දෙනා අතර පවුල් පොකුරු කීපයක් ද හඳුනාගෙන ඇත.

ඒ අනුව පයාගල පොලිස් වසමෙන් වාර්තා වූ රෝගීන් පස් දෙනාගෙන් සිව් දෙනෙකු එකම පවුලේ අය වෙති.දකුණු කළුතර පොලිස් වසමේ පුලර්ටන්වත්ත ප්‍රදේශයේ වාර්තා වූ රෝගීන් සිව්දෙනාම එකම පවුලේ අය වෙති.ඒ මව,පියා හා දියණියන් දෙදෙනකු වශයෙනි.

මීගහතැන්න පොලිස් වසමෙන් වාර්තා වූ රෝගීන් සිව්දෙනාගෙන් තිදෙනකුම එකම පවුලේ අයයි.මව,පියා සහ 11 හැවිරිදි දරුවකු වශයෙනි.