කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශනය කරන්න – වැඩබලන පොලිස්පති CID යට නියෝග කරයි…!

224

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන දේවල් පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් රහස් පොලිසියට නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටිනවා.

අම්පාර ප්‍රදේශයේ දී පැවති දේශපාලන රැස්වීමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කියා සිටියේ
ඔහු විසින් සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන කේෂ්ත්‍රයේ මෙන්ම සමාජය තුලද දැඩි කතාබහක් නිර්මාණය වූ අතර ඔහුට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භ කළ යුතු බවද කියා සිටියා.

අම්පාර ප්‍රදේශයේ දී පැවති දේශපාලන රැස්වීමකදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කියා සිටියේ,

“කාර්තිව් සභාපතිවරයා කියා තිබෙනවා මම වත්මන් ගෝලීය ආපදාවටත් වඩා භයානකයි කියලා. ඔව් ඒක ඇත්ත. මමභයානකයි. මම එල්ටිටිඊ සංවිධානයේ ඉද්දි අලිමංකඩ කඳවුරේ හිටපු හමුදාවේ 2000 – 3000ක් අතර පිරිසකගේඑකරැයින්ජීවිතඅහිමිකෙරුවා. ඒවගේමයි කිලිනොච්චි වලදීත්, ඊට වඩාජීවිතඅහිමිකෙරුවා.එය වත්මන් ගෝලීය ආපදාවටත් වඩාභයානකයි” හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් එම ජනහමුවේදී කියා සිටියා.

ඔහුගේ මෙම ප්‍රකාශය ඇතුලත් වීඩියෝ දර්ශණ පුද්ගලික රුපවාහිනි ආයතනයක් විසින් සිය ප්‍රවෘත්ති විකාශය අතර වාරයේදී විකාශය කරනු ලැබුවා.

එල්ටිටිඊ සංවිධානයේ නැගෙනහිර නායකයා ලෙස ක්‍රියා කළ කරුණා අම්මාන් යනුවෙන් ප්‍රචලිත විනයාගමුර්ති මුරලිදරන් එම සංවිධානයෙන් කැඩී වෙන්වී ගිය අතර පසුව TMVP සංවිධානයේ නායකයා ලෙස කලක් ක්‍රියා කිරීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තේරී පත්වුවා. ඉන් අනතුරුව ඔහුව ශ්‍රීලංකා නිදහස් පඛයේ උප සභාපති ලෙස පත් කිරීමට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කරනු ලැබුවා.