කරාපිටිය රෝහලේ 112කට කොවිඩ්

218

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 112 දෙනෙකුට මෙම මාසය තුලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුව ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

අගොස්තු මස 01 වැනි දින සිට මේ දක්වා කාලය තුළ දී රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයින්ට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවයි ඔහු පවසා තිබෙන්නේ.

කොවිඞ් වෛරසය ආසාදනය වු රෝහල් කාර්ය මණ්ඩලයේ අය අතර වෛද්‍යවරු 09 දෙනෙකු හා හෙද හෙදියන් 45 දෙනෙකු සිටින බවද රෝහලේ වැඩබලන අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා.