දෙහිවල සත්තු වත්තේ රඳවා සිටින සත්වයන්ට කෑම වියදමවත් සොයාගත නොහැකි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරනවා .
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සත්වෝද්‍යාන වසා තැබීම නිසා ආදායම් අහිමි වීම මත මෙම තත්ත්වය උදාවී ඇතැයිද ඔහු ප්‍රකාශ කර තිබෙනවා .
දෙහිවල පමණක් නොව රට පුරා සියලුම සත්වෝද්‍යානය දැඩි ආර්ථික අර්බුදයකට මේ වන විට ලක්ව ඇතැයි ද තවද මෙම තත්ත්වය මත සෞඛ්‍ය මාර්ගෝපදේශය යටතේ සත්වෝද්‍යාන විවෘත කරන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇති බව වාර්තා වනවා .