BREAKING NEWS
Search

කොරෝනා කන්දකාඩු වලට අවේ කොහොමද ?

165

කන්දකාඩු පුද්ගලයින් පුනුරුත්ථාපනය කිරිමේ මධ්‍යස්ථානයට කොරෝනා වෛරසය ඇතුළු වුයේ පෙර මිට පෙර කොරෝනා ආසාදනය වී ඉන් සුවය ලැබූ අයෙකුට යලි රෝග ලක්ෂණ ඇතිවීමෙන් වන්නට ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධනත්වයෙන් පැවති හමුවකදී යුධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටි.

කොළඹ සහ බොරැල්ල ප්‍රදේශවලින් වාර්තා කොරෝනා ආසාදිතයින් හා සම්බන්ධ පිරිස් නිරෝධායනයට ලක් කලේ ස්ථාන දෙකකදී.

ඔවුන්ගේ නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ යහපත් පුරවැසියන් ලෙස සමාජයට අනුගත කිරිමේ අරමුණින් තමයි යලිත් අධිකරණ තීන්දුවක් අරගෙන මේ කඳවුරට යොමු කරනු ලැබුවේ.

බොහෝ දුරට මේ අය අතුරෙන් පසුකාලීනව රෝග ලක්ෂණ මතුවීම තුලින් මේ සිදුවීම මතුවුණා වෙන්න පුළුවන්,යුධ හමුදාපතිවරයා කියා සිටි.