කඩුළු රකින ක්‍රීඩක දික්වැල්ල වෙනුවට නවකයෙක් කණ්ඩායමට?

6365

එංගලන්ත තරඟ සංචාරය අතර ජෛව ආරක්ෂණ බුබුළෙන් ඉවත් වී ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් සමඟ ඩර්හැම් වීදියේ ඇවිදින්නට ගිය කඩුළු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හටද මේ වන විට ජාත්‍යන්තර තරඟ තහනමක් පනවා ඇති අතර ඔහු සම්බන්ධව විනය පරික්ෂණද ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් කඩුළු රකින්නා ලෙස කුසල් ජනිත් පෙරේරා කටයුතු කළත් ඒ සඳහා නවකයෙකු පත් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් කටයුතු කර ඇති බව සඳහන් වෙනවා.

බොහෝ විට ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ සිට නවක ක්‍රීඩික කමිල් මිෂාර හට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින්නාගේ වගකීම ලැබෙනු ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් යන දෙදෙනාවම ඉවත් කර ඇති බවද වාර්තා වෙනවා.

අද (04) දිනයේ පැවැත්වෙන එංගන්තය සමඟ අවසන් එක්දින තරඟයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කුසල් ජනිත් පෙරේරා හට ලබාදී තිබූ තරඟාවලි 02ක අවසන් වන බැවින් ඔහුය ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයද අහිමි වනු ඇති.