BREAKING NEWS
Search

කටුනායක මස් ෆැක්ටරියේ බිලිවන පලමු සත්වයා වෙනුවට තමන් ගෙල සිඳ ගැනීමට සූදානම් – මර්වින්

220

කටුනායක ඉදිවන මස් කර්මාන්තශාලාව සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

බුදුන් වැඩිය පින්බිමෙන් මෙවන්නක් සිදුවීම කිසිසේත්ම නොකළ යුත්තක් බව ද ඒ මහතා පවසයි.

පොලොව නූහුලන මේ මහා අපරාධ සිදු කිරීමට බුදුන් වැඩිය භූමිය යොදා නොගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

මෙතරම් විශාල විරෝධයක් සමාජයෙන් එල්ල වෙද්දී එය නොතකා මස් කර්මාන්ත ශාලාව ආරම්භ කරන්නේ නම් එය විවෘත කරන දවසේ ඊට බිලිවන පලමු සත්වයා වෙනුවට තමන් ගෙල සිඳ ගැනීමට සූදානම් බවද ඔහු කියා සිටිය.

මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.