හිටපු ශ්‍රී ලංකා නායක කුමාර සංගක්කාර විශේෂ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා.
ඒ 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටයි.
පැය 9 පමණ කාලයක් එම ප්‍රකශය ලබා දී ඔහු පිටව ගියා.
අපේ රටේ නම ලෝකයට ගෙනගිය ක්‍රීඩකයන් මෙවැනි පහත් ගනයේ පාවාදීමක් සිදු කරයිද ? සෑම ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක්ගේම හිතට නැගෙන ප්‍රශ්නයක්.
මෙවැනි මොහොතක අපට එක්තරා ෆේස්බුක් ගිණුමක පළකර සටහනක් හමු වුණා.
මෙහි අයිතිකරු Vernon Tissera
ඔහු ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ.
සංගා ඕස්ට්‍රේලියාවේ පැවති උත්සවයකට සහභාගී වීමට පැමිණි මොහොතක Vernon Tissera ඔහුගෙන් අසා ඇත්තේ “සංගා ඔයා ඕස්ට්‍රේලියාවේ පදිංචියට එන්න කැමති නැද්ද” යනුවෙනි.
ඔහුගේ පිළිතුර අප කාගේත් සිත්තුළ නෙතට කදුලක් වුනන පිළිතුරක්.
“නැහැ වර්නන් මම මගේ උපන් රටේ ජිවත් වෙලා ,මගෙන් රටට කරන්න පුළුවන් උපරිමය සේවය කර එහිම මියයනවා ”
citizen