ඔන්ලයින් ක්‍රමයට ඉගෙනුම ලබමින් සිටි සිසුන්ට අසභ්‍ය දර්ශන එවූ පුද්ගලයෙකු සොයා විමර්ශනයක්

213

අන්තර්ජාලය හරහා ඉගෙනීම් කටයුතු සිදුකිරීමට දුරකථන සංඥා සොයා කිලෝමීටර ගණන් පයින් ඇවිද යන පාසල් සිසු දරුවන් පිරිසක් පිළිබඳව බලංගොඩ – මොලමුර – වදවුල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දැඩි ආර්ථික අපහසුතාවලින් පෙළෙන මෙම දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ඉගෙනීම සඳහා රාත්‍රී කාලයේදී පවා කඳු ප්‍රදේශයකට නැගීමට සිදුව ඇති බවයි

මේ හේතුවෙන් පාසල් දරු දැරියන් 200 ක් පමණ දැඩි අපහසුතාවට ලක්ව සිටිනවා

මේ අතර අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම් සිදුකරන අවස්ථාවේදී වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන සිසුන්ගේ ජංගම දුරකථන වෙත එවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් ප්‍රසිද්ධ පාසලක දරුවන් 50 දෙනෙකුට පමණ මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන ලැබී ඇති අතර, අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ එම විද්‍යාලයේ ගුරුවරයෙකු විසින්.