ඔත්තේ නම් ඔත්තේ: ඉරට්ටේ නම් ඉරට්ටේ: එළියට යන විදිහ මෙන්න

378

හෙට (12) රාත්‍රී 11 සිට සංචරණ සීමා ක්‍රියාත්මක වීමේ දී අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා නිවසින් බැහැරව යාමට පුද්ගලයින් හට අවසර හිමි වනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කර ගනිමින් බව පොලීසිය පවසයි.

අවසාන ඉලක්කම ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලත් ඔත්තේ නම් ඔත්තේ දිනවල ද නිවසෙන් බැහැරව යා හැකිය.

පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, හැඳුනුම්පත නොමැති පුද්ගලයින්ට ඒ සඳහා විදෙස්ගමන් බලපත්‍රය භාවිත කළ හැකි බවය.

එනිසා රාජකාරී සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යෑමේදී සියලුම පුරවැසියන් හැඳුනුම්පත රැගෙන යෑම අනිවාර්ය වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.