ඒලියන්ත රහස් පොලිසියට යයි

513

රාජකීය වෛද්‍යවරයා ලෙස නම් දරන ඒලියන්ත වයිට් මහතා විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

තමාගේ නමින් යුතුව පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ කොරෝනාවට දේශීය ඖෂධයක් සොයාගත් ධම්මික බණ්ඩාර මහතාට අපහාස වන පරිද්දෙන් කිසිවකු විසින් පෝස්ට් එකක් නිර්මාණය කර තිබීම ඒ සදහා හේතු වී තිබේ.

ඒ අනුව රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසය.

කෙසේ්වෙතත් දින කිහිපයක් එම පුවත අදාළ ෆේස්බුක් ගිණුමේ පැවැති බැවින් එය අප වෙබ් අඩවියේද පළ කිරීමට පියවර ගත්තෙමු.

ඒ සම්බන්ධයෙන් යම් අගතියක් ඒ මහතාට සිදුවිණි නම් ඊට අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

අදාළ පෝස්ට් එක මෙසේ පළව තිබිණ.