එවරස්ට් ප්‍රිමියර් ලීගයට ශ්‍රී ලාංකිකයින් 7ක් !!

547

සඳුන් වීරක්කොඩි, සහන් ආරච්චි සහ අසේල ගුණරත්නත් කණ්ඩායම් වෙතට !

නේපාලයේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම සඳහා නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන එවරස්ට් ප්‍රිමිය්‍ර් ලීග තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7කු එක් වීමට සූදානම් බවට ප්‍රකාශ කොට ඇත.මීට පෙර දිනේශ් චන්දිමාල්,උපුල් තරංග සහ සීක්කුගේ ප්‍රසන්න එවරස්ට් ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩා කරන බවට පවසා තිබුණි.

කෙසේවෙතත් ජාතික සංචිතයට නැවත ආරාධනාවක් ලැබීමත් සමඟින් දිනේශ් චන්දිමාල් හට බොහෝවිට මෙම තරඟාවලිය මඟ හැරෙනු ඇත.

මේ වන විට එවරස්ට් ප්‍රිමියර් ලීගය සඳහා චන්දිමාල් හැරුණකොට තවත් ලාංකිකයින් 7කු ක්‍රීඩා කරන බවට මාධ්‍ය වාර්තා පළ කොට ඇති අතර එම ක්‍රීඩකයින් පිරිසට නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුත් අන්තර්ගතයි.

එවරස්ට් ප්‍රිමියර් ලීගයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්,
උපුල් තරංග,ධම්මික ප්‍රසාද්,සීක්කුගේ ප්‍රසන්න,අසේල ගුණරත්න,ඕෂධ ප්‍රනාන්දු,සඳුන් වීරක්කොඩි,සහන් ආරච්චිගේ

එවරස්ට් ප්‍රිමියර් ලීගය මේ මස 25 දින ආරම්භ වන අතර ඔක්තෝබර් මස 9 තෙක් මෙම තරඟාවලිය පැවත්වෙනු ඇත.