එන්නත් මාත්‍රා දෙකම ලබාගත් ”දොස්තර” කොවිඩ් නිසා මරුට

644

ලන්ඩනයේ සිට නිවාඩුවකට පැමිණ සිටි යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු කොරෝනා ආසාදනය වීම නිසා පසුගියදා යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා

පුවතපතක සඳහන් කර තිබු මෙම පුවතට අදාළ වෛද්‍යවරයා යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්එ

මෙන්ම මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 80ක් වනවා

මීට ටික කලකට පෙර ලන්ඩනයේ පදිංචියට ගොස් ඇති මොහු නිවාඩුවකට ලංකාවට පැමිණි අවස්ථාවේ අසනීප වී යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබෙනවා

මෙම වෛද්‍යවරයා කොවිඩ් මර්දන එන්නතේ පළමු සහ දෙවන මාත්‍රාව ලබාගත් අයෙක් බවද තහවුරු වී තිබෙනවා