එන්නත් මාත්‍රා දෙකම ගත්,කොරෝනාවෙන් මියගිය ගණන හෙළිවේ

906

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 23 දෙනකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසු බව අද පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මොවුන්ගෙන් වැඩි පිරිසක් විවිධ නිදන්ගත රෝගාබාධවලින් පෙළෙමින් සිටි අය බව සඳහන්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ කොවිඩ් තෙවැනි රැල්ලෙන් පසු කොවිඩ් එන්නත ලබාගත් පිරිසෙන්, එක් මාත්‍රාවක් ලබාගත් පුද්ගලයන් 177 දෙනකු මියගොස් ඇති අතර මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් 23 දෙනකු මියගොස් ඇති බවයි