එජාප නායක වෙන්න මං සූදානම්..- අර්ජුන

203

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තමන්ට ලබා දීමට පක්ෂය තීරණය කළහොත් පක්ෂ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

දැනට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී පක්ෂ නායකත්වය සඳහා හතර දෙනෙකුගේ නම් සහ සාකච්ඡා වූ බවත් තම නම ද යෝජනා වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂය කැඩෙන්නේ බිඳෙන්නේ නැතිව ඉදිරියට ගෙන යන තීරණයකට තමන් සහාය දෙන බව ද ඔහු එහිදී තව දුරටත් පැවසීය.