BREAKING NEWS
Search

එකම පන්සලේ‘ස්වාමීන් වහන්සේලා 27කට’කොවිඩ්

237

වාද්දූව ගනේවත්ත පුරාණ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා 27 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළා.

විහාරස්ථානයේ වැඩ වසෙන ස්වාමීන් වහන්සේලා කිහිපනමකට ඇති වු රෝගී තත්ත්වයක් මත සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණවල දී මෙලෙස කොවිඩ් වැළඳී ඇතැයි හෙළිව ඇති අතර ගිහියන් සිව්දෙනෙකුට රෝගය වැළඳී ඇති බව ද එහිදී හෙළිව තිබුණා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලේ ආසාදිත ස්වාමීන් වහන්සේලා සහ ගිහි පුද්ගලයින් යුද හමුදා බස්රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවයි.