එකටම අවසන් ගමන් ගිය මිතුරන් තිදෙනා

40148

බුත්තල කටුගහගල්ගේ වැවෙි දිය නෑමට ගොස් දියේ ගිලී මියගොස් සිටි තරුණයන් තිදෙනෙකුගේ සිරුරු අද (15දා) පෙරවරුවේ සොයාගත් බව බුත්තල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මොණරාගල මහනාම ජාතික පාසැලේ වාණිජ්‍ය හා ගණිත අංශවල ඉගෙනු ලබමින් සිටි,මොණරාගල බටුගමිමන ප්‍රදේශයේ පදිංචි,ආර්.එමි ධනංජය දේශාන් (18),මොණරාගල සිරිගල හා රත්තනපිටිය යන ප්‍රදේශවල පදිංචි ඩි.පි රංදිප් තාරක(18) හා කෝරල ගමගේ ඉමෙිෂ් (18) යන තිදෙනායි.

ඔවුන් මෙවර අධ්‍යාපන පොදුසහතික පත්‍ර උසස්පෙල විභාගයට පෙනිසිටිමට නියමිතව සිටි සිසුන් බවත් අනාවරණය වි තිබේ.

මියගොස් ඇති තරෙුණයන් තිදෙනා මිතුරෙකු මුණගැසිමට යන බව නිවෙස්වලට පවසා යතුරුපැදි දෙකකින් පිටවගොස් තිබෙන බව පොලිස් විමර්ශණවලදි අනාවරණය වී ඇත.