එංගලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය කල් දැමේ

706

එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, නව කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් පැතිර යාමත් සමග මේ වන විට ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සිදු කළ සාකච්ඡාවලින් පසුව සිය ක්‍රීඩකයින් යළි එංගලන්තය වෙත කැදවීමට තීරණය කළ බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා සිය කණ්ඩායම යළිත් නුදුරු අනාගතයේ දී ම ශ්‍රී ලංකාව වෙත පැමිණෙන බව ද එංගලන්ත ක්‍රිකට් ආයතනය සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා.

අදාළ ටෙස්ට් තරග දෙක ලෝක ටෙස්ට් ශූරතාවලියට ද අයත් තරගාවලියක්.

තරගාවලිය ලබන 19 වනදා ගාල්ලේ දී ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.

මේ අතර, ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපතිවරයාගේ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ආරම්භ වූ සිව්දින පුහුණු තරගය ද මේ වන විට අත්හිටුවා තිබෙනවා.