එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ලියම් ලිවිංස්ටන් රාජස්ථානය හැර යයි

259

මෙවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු ලියම් ලිවිංස්ටන් එම කණ්ඩායම හැරගොස් තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර තරඟාවලියට එක්වන ක්‍රීඩකයින් සහ සෙසු සියලු සාමාජිකයින් ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ කටයුතු කළ යුතු වනවා.

එම ජෛව ආරක්ෂිත බුබුළ හේතුවෙන් පවතින මානසික විඩාව හේතුවෙනුයි ලියම් මෙලෙස රාජස්ථාන් කණ්ඩායම හැර යෑමට තීරණය කර ඇත්තේ.

මෙවර තරඟාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ලියම් ලිවිංස්ටන්ව රුපියල් ලක්ෂ 75 කට මිලදී ගනු ලැබුවා.

ඔහුගේ ඉවත්වීම සම්බන්ධයෙන් රාජස්ථාන් පිළ සිය නිල ට්විටර් ගිණුමට එක්කර තිබුණේ මෙවැනි සටහනක්.