එංගලන්ත තරගාවලිය සදහා ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

307

හෙට(14) ගාල්ලේ දී ආරම්භ වන තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 22 දෙනෙකු ඇතුළත්.

නිමා වූ දකුණු අප්‍රිකා සංචාරයේ දී දක්ෂතා අතරට අවතීර්ණ වීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස් ද මෙම සංචිතයට නම් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

දකුණු අප්‍රිකා තරගාවලියට එක් නොවූ ඇන්ජෙලෝ මැතිව්ස්,රොෂේන් සිල්වා,ලක්ෂාන් සදකැන්,නුවන් ප්‍රදීප් සහ රමේෂ් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත්.

එමෙන්ම ආබාධවලට ලක්ව සිටි ඕෂද ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු කුමාර යන ක්‍රීඩකයින් ද එංගලන්ත තරගාවලියේ දී සිය ස්ථානය තහවුරු කර ගෙන සිටිනවා.

කෙසේ වෙතත්,ධනංජය ද සිල්වාට සහ කසුන් රාජිතට ආබාධ තත්ත්වයන් හේතුවෙන් සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

එමෙන්ම දකුණු අප්‍රිකා තරග සංචාරය වෙනුවෙන් නම් කෙරුණු සන්තුෂ් ගුණතිලක සහ දිල්ෂාන් මධුෂංක යන ක්‍රීඩකයින් දෙදෙනා ද මෙම සංචිතය සදහා ඇතුළත්ව නැහැ.

සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා සංචිතය –
ඩිමූත් කරුණාරත්න(C),කුසල් ජානිත් පෙරේරා,දිනේෂ් චන්දිමාල්,කුසල් මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,ඔෂාඩා ප්‍රනාන්දු,නිරෝෂන් ඩික්වෙල්ලා,මිනෝඩ් භානුක, ලහිරු තිරිමාන්න,ලසිත් එම්බුල්ඩෙනියා,වනින්දු හසරංගා,දිල්රම්වාන්,චමීර,දසුන් ෂනාකා,අසිතා ප්‍රනාන්දු,රොෂෙන් සිල්වා,ලක්ෂන් සඳකන්,නුවන් ප්‍රදීප්,රමේෂ්මෙන්ඩිස්