එංගලන්තය එරෙහිව ඩිල්ශාන් විසින් නම් කර කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් නැහැ

3091

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය අතර පළමු 20 – 20 තරගය අද ( 23 ) වනදා ශ්‍රී ලංකාවේ වේලාවින් රාත්‍රී 11 ට ආරම්භ වීමට නියමිතය.ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ අවසන් එකළොස්දෙනා පිළිබඳව තවමත් නිගමනයකට පැමිණ නැති අතර ශ්‍රී ලංකා සංචිතය කෙසේ හැඩගැසිය යුතුද යන්න පිළිබඳව තිලකරත්න ඩිල්ශාන් ඔහුගේ අදහස පළකර සිටියා.

“කුසල් ජනිත්ට පළමු පන්දුවේ ඉදන් පහරදෙන්න පුළුවන් නම් එයාගේ සෝන් එකට පන්දුව වැටෙනවා නම් එයා පහරදෙන්න ඕනී.මම ඒකට හරි ආසයි.කුසල් මම එක්ක පවා ඔපන් කරලා තියෙනවා.ඔහු මට තිබුණ පීඩනය පවා වේගයෙන් පන්දුවට පහරදීලා නැති කරලා තියෙනවා.නමුත් අපේ ඉන්න ඔක්කොම අය ආරම්භක පිතිකරුවන්.අංක 4 – 5 වෙනකම්ම අපට ඉන්නේ ආරම්භක පිතිකරුවන්ව.ඒ නිසා අකමැත්තෙන් වුවත් මම කුසල්ව අංක 3 පිතිකරු බවට පත්කරනවා.මොකද නායකයා විදියට ඔහු ඒකට ලෑස්ති වෙන්න ඕනී.ධනුෂ්කව අංක 3 දාන්නත් බෑ.මගේ ඕපන් එක අවිශ්ක එක්ක ධනුෂ්ක.අංක 3 කුසල් ජනිත්.

මම අංක 4 පිතිකරු විදියට නිරෝෂන් දික්වැල්ලව ගේනවා. විකට් 1 – 2 ක් ඉක්මනින් ගියත් දික්කා ඇවිල්ලා ඕපනර් කෙනෙක්.එයාට පුළුවන් ඒ වෙලාවේදී හොදින් ක්‍රීඩා කරන්න.එයාට වගකීමක් දෙන්න ඕනී ඕවර් 12- 13 ක් බැට් කරන්න ඒ වගේම එයගේ ශොට්ස් වලට යන්න නිදහස දෙන්න ඕනී.

දික්කට හොද වේරියේශන් තියෙනවා.පැඩ්ල් එක,රිවර්ස් ස්වීප් ස්වීප් ගහන්නේ දික්කා.වෙන කෙනෙක් නෑ අපේ එහෙම ගහන්න.ටෙස්ට් මැච් වලත් දික්කා එහෙම ගහනවා මම දැක්කා.ඊළගට අංක 05 විදියට මම ධනංජය ද සිල්වා ගේනවා.අංක 6 විදියට මම ඕෂධව ගෙනත් අංක 7 පිතිකරු විදියට දසුන් ශානක ගේනවා.

ඉන්පසුව වනිදු 08 ඉසුරු උදාන 09 ක්‍රීඩා කරවලා චමීර එක්ක නුවන් ප්‍රදීප් මම සෙල්ලම් කරවනවා.මෙන්ඩා මගේ කණ්ඩායමේ නෑ.අපට හොද පන්දු යවනන් 4 ක් ඉන්නවා.ඉසුරුටත් බැට් කරන්න පුළුවන්.නුවන් ප්‍රදීප් ගිය අවුරුද්දේ හොදටම කරපු කෙනා.චමීර හොදම රිද්මයක ඉන්නවා. පේස් බෝලර්ස්ලා 4 ක් ඉන්නවා අපට.හොද දග පන්දු යවන්නෙක් ඉන්නවා.ඊට අමතවර අපට ධනංජය ද සිල්වා ඉන්නවා”යනුවෙන් තිලකරත්න ඩිල්ශාන් ඔහුගේ කණ්ඩායම අද තරගය සදහා නම් කරනු ලැබුවා.