BREAKING NEWS
Search

එංගලන්තය අංක එක අපි අංක නමය කොච්චර වෙනසක්ද මිකී ආතර් කියයි

1207

ලෝක මට්ටමේ කණ්ඩායමක් වන එංගලන්තය ඉදිරියේ ලකුණු රැස් කිරීමට තිබුනේ ඉතා සීමිත අවස්ථාවක් බව දෙවන තරග පරාජයෙන් ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසා තිබෙනවා.

“ප්‍රමාණවත් තරම් ලකුණු රැස් කරගන්න නොහැකි වුවා.ඔවුන් ලොව අංක එකේ සිටින කණ්ඩායමක් අපි අංක නමයේ සිටින්නේ ලොකු වෙනසක් තියෙනවා. අපි අලුත් තරුණ කණ්ඩායමක් එක්ක ගමන පටන් අරන් ඉන්නේ.මේ සෑම අත්දැකීමක්ම අපිට ඉදිරියට යාමට හොද පාඩමක්.” වැඩිදුරටත් ඔහු පවසා තිබෙනවා.

එංගලන්තයට පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් වඩා ක්‍රියාශීලි විය යුතු බව මෙන්ම එංගලන්ත පිතිකරනයෙන් විශාල පිඩාවක් එල්ල වූ නමුත් පන්දු යැවීම අතින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හොද තත්වයක සිටින බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරුගේ මතයයි.

පසුගියදා එංගලන්තයට එරෙහිව පිට පිට දෙවන විස්සයි විස්ස තරගයද පරාජයද ලැබූ ශ්‍රී ලංකාව 2019 ඔක්තෝබර් සිට මේ දක්වා 20යි 20 තරග 12කින්

11කම පරාජයට පත්ව ඇත..