එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනසක් – රොෂේන් සිල්වා යළි කැඳවයි

355

දකුණු අප්‍රිකානු සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය මෙම මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතය.

දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළද,මේ වනවිට දකුණු අප්‍රිකා සංචාරය අතුරතුරදී පමණක් ක්‍රීඩකයන් 5 දෙනෙකු ආබාධයට ලක්වීම හේතුවෙන් එළඹෙන එංගලන්ත සංචාරය වෙනුවෙන් තවත් ක්‍රීඩකයන් 6 දෙනෙකු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

දකුණු අප්‍රිකානු සංචාරයේදී කසුන් රාජිත,ළහිරු කුමාර,ධනංජය ද සිල්වා,දිනේෂ් චන්දිමාල්,වනිදු හසරංග යන ක්‍රිීඩකයන් ආබාධයට ලක් වූ අතර තරගාවලියට පෙර ඔ්ෂධ ප්‍රනාන්දු සහ සුරංග ලක්මාල් ආබාධයට ලක් විය.ඒ් අනුව මෙම ක්‍රීඩකයන් අතරින් දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් හැරෙන්න සෙසු ක්‍රීඩකයන්ට එංගලන්ත සංචාරය අහිමි වනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග තහවුරු කරයි.

එංගලන්ත සංචාරය වෙනුවෙන් ඇන්ජලෝ මැතිවුස්, අවිශ්ක ප්‍රනාන්දු,රොෂේන් සිල්වා,නුවන් ප්‍රදීප්, රමේෂ් මෙන්ඩිස්,සහ ලක්ෂාන් සඳකැන් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.