BREAKING NEWS
Search

උපන්දින සාදයට පැමිණි චන්දිමාල්ගේ මව,මාධවී වත්සලා ඇතුළු පිරිසක් අත්අඩංගුවට

1331

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

චන්දිමාල් ජයසිංහ ගේ මව,ජනප්‍රිය රංගධර ජැක්සන් ඇන්තනි ගේ දියණිය වන මාධවී ඇන්තනි සහ ඔහුගේ ස්වාමිපුරුෂයා,චන්දිමාල් ජයසිංහගේ රියැදුරු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් 15ක් අත්අඩංගුවට ගෙන තිබූ අතර මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ සංඛ්‍යාව 21ක්.

කෙසේ වෙතත් තවත් එක් පුද්ගලයෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ සඳහා මේ වනවිටත් අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කරමින් පවතින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.