BREAKING NEWS
Search

උතුරේ ජනතාවගේ හදවත් දිනූ කර්නල් රත්නප්‍රිය බන්දු මෙවර වන්නි දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට.

215

කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මීලඟ මහ මැතිවරණයට ඉදිරිපත් වන බව පවසනවා. ඔහුගේ ෆේස්බුක් ගිණුමේ මේ බව සඳහන් කර තිබෙනවා. වන්නි දිස්ත්‍රික්කයෙක් ඔහු මෙලෙස මැතිවරණයට ඉදිරිපත්වන බවයි සඳහන් කර ඇත්තේ.

උතුරෙු දෙමළ ජනතාවට විශාල සේවාවක් කළ එම ජනතාව අතර විශාල ජනප්‍රියත්වයක් ඇති පුද්ගලයෙකු ලෙස කර්නල් රත්නප්‍රිය බන්දු මහතා සැළකෙනවා. කෙසේ වෙතත් මෙම පුවත සැළවීමත් සමග දෙමළ ජාතික සංධානය දැඩි කැළඹීමට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

“වසර තිහක් රණ විරුවෙකු ලෙස මව්බිම වෙනුවෙන් ලේ දහඩිය හෙලූ මා අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ දැය ගොඩනගන සංග්‍රාමයට සවියක් වන්නට මෙවර වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරි පත් වන්නෙමි. සියළු ශ්‍රී ලාංකිකයින් ගේ ආශිර්වාදය සහ සහයෝගය ප්‍රාර්ථනා කරමි”