BREAKING NEWS
Search

උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දාන්න වෙනවා – සුමන්තිරන්

269

යුද ස්මාරක ඉදිකිරීමට පළාත් පාලන ආයතනවල අනුමැතිය අවශ්‍ය නැති බවත්,එවැන්නක් අවශ්‍ය නම් උතුරේ ඉදි කර ඇති සියලු රණවිරු ස්මාරක කඩා දැමීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව මාධ්‍ය හමුවක් අමතමිනි. යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබුණු මුල්ලිවායික්කාල් සැමරුම් ස්මාරකය කඩාදැමීමට සිදුවුයේ එය අනුමැතියකින් තොරව ඉදිකරන ලද්දක් බැවින් යැයි එම විශ්වවිද්‍යාල පරිපාලනය ලබාදී තිබූ පිළිතුරට මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේද කීවේය.

“යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීම පිළිගත නොහැකි ක්‍රියාවක් මෙන්ම මිලෙච්ඡ ක්‍රියාවක්. මේ ස්මාරකය රජයේ අවසරයකින් තොරව ඉදි කිරීම නිසා කඩා දැමුවැයි කීම එම මිලෙච්ඡ ක්‍රියාව තවත් තීව්‍රකිරීමක්.යුද ස්මාරක ඉදි කිරීමට පළාත් පාලන ආයතනවල ඉදිකිරීම් අනුමැතියක් වුවමනා නැහැ.
mawurata – මවුරට