මිලග ආණ්ඩුව පිහිටවන හැටි සජිත් කියයි

387

ආණ්ඩුවට හිතවත් මාධ්‍ය විසින් බොරු ප්‍රචාර සහ අවලාද විශාල වශයෙන් තම පාර්ශ්වයට එල්ල කළ බවත් සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරා.

ඒ සියල්ල මැද තම පක්ෂය විශ්වාස කළ ජනතාවට ස්තූති කරන බවද අලුත් විප්ලවීය නැවුම් ගමනක් ආරම්භ කරන බවද ඔහු පැවසීය.

මෙම මැතිවරණයේදී ජනතාව තම පක්ෂයට දැවැන්ත ශක්තියක් වී ඇති බව ජනතාව තමන් සමඟ සිටි බවත් ඔහු සඳහන් කළේය.

ඊළඟ ආණ්ඩුව පිහිටු වීමේ එකම විකල්පය තමන් සතුව බව ඇති බවත් ඒ ගැන පූර්ණ විශ්වාසයක් ඇතැයිද ඔහු කියා සිටියේය.

සමගි ජනබලවේග මූලස්ථානයේදී දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කලා.