ඊයේ මහනුවරට ඇති බව කියන භූකම්පන තත්වය ගැන පැහැදිලි කිරීමක්

436

මහනුවර දිස්ත‍්‍රික්කයේ හාරගම,මයිලපිටිය හා දිගන යන ප‍්‍රදේශවලට ඊයේ (29) රාත‍්‍රීයේ භූකම්පන ඇති වූ බවට වාර්තා වුණා.

ඊයේ රාතී‍්‍ර 08.30 ට පමණ මෙම කම්පන තත්වය ඇතිවූ බවයි ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ.

කෙසේ නමුත් මෙම සිදුවීම භුචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙක් ප්‍රකාශ කළා.

මහනුවර,පල්ලෙකැලේ ප‍්‍රදේශයේ පිහිටි භූචලන මාපකයේ පමණක් යම් සංඥාවක් සටහන්ව තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල පවසන්නේ,මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.