ඉසුරු උදානගේ හයේ පහරින් නයිට් රයිඩර්ස් අවසන් පුර්වයට

923

කැරිබියන් ප්‍රිමියර් ලීග් – 2021

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේ මුලික වටයේ අවසන් තරඟය ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් ජයගත්තා. ඒ කඩුලු හතරකින් කිට්ස් ඇන්ඩ් නේවිස් පේට්‍රියස් කණ්ඩායම පරාජය කරමින්. ඒ අනුව Trinbago Knight Riders කණ්ඩායම ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් පුර්ව තරඟය වෙත සුදුසුකම් ලැබුවා.

ඉසුරු උදානගෙන් සුපිරි දක්ෂතා..
මුල් ඉණිම ක්‍රියාත්මක කල Patriots කණ්ඩායම රැස්කලේ ලකුණු 147ක් පමණයි. Trinbago කණ්ඩායම නියෝජනය කරන ඉසුරු උදාන තම පන්දුවාර හතර, ලකුණු 28 කට කඩුලු දෙකක් දවාගනිමින් අවසන් කලා. පිලිතුරු ඉනිමේදී අවසන් පන්දුවාර දෙකට ලකුණු 13ක් ලබාගතයුතුව තිබුණා.ඒ වනවිට පන්දුවට පහරදෙමින් සිටි ඉසුරු උදාන 19 පන්දුවාරයේ හතරවෙනි පන්දුවට හා හයවෙනි පන්දුවට හයේ පහර දෙකක් එල්ල කරමින් ජයග්‍රහණය Trinbago කණ්ඩායමට අත්කර දීමට සමත් වුණා.  


පලමු අවසන් පූර්ව තරඟය Trinbago Knight Riders හා Saint Lucia Kings කණ්ඩායම් අතර සැප්තැම්බර් 14 පැවැත්වීමට නියමිතයි.