ඉරාජ්ට පහර නොදුන් බව යෝෂිත කියයි

345

නව පරපුරේ සංගීතඥයෙකු වන ඉරාජ් වීරරත්තනට තමන් පහරදුන් බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළවන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී,අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඩේලි මිරර් වෙබ් අඩවියට ඔහු පවසා ඇත්තේ තමන්ට ඉරාජ් වීරරත්නව අවසන්වරට හමුවූයේ මීට මාස කිහිපයකට පෙර පැවැති උත්සව අවස්ථාවකදී බවයි.

එසේම ඔහුත් සමග තමන් කිසිම ආකාරයක සම්බන්ධයක් නොමැති බවත් ඉරාජ්ගේ ඉල්ලා අස්වීමට තමන්ට කිරීමට දෙයක් නොමැති බවත් යෝෂිත පවසයි.

ජාතික තරුණ සේවා සභාවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ඉරාජ් වීරරත්න ඊයේ සිය ඉල්ලා අස්වීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත යොමසුකර තිබුණි.