ඉයර්ෆොන් කන්දෙකේ ගහගෙන නිදියනවනම් අනිවාර්යයෙන්ම කියවන්න

274

ස්මාට් ෆෝන්, අයි පෝඩ් වගේ දේවල් අද දවසේ ගොඩක් ජනප්‍රිය උපාංග. ඒ වගේම ඒවා නිතරම අතේ තිබෙන උපාංග නිසා ඇඟේම කොටසක් බවට පත්වෙලා වගේ දැනෙනවා. හැන්ඩ්ස් ෆ්‍රී ගහගෙන ඒවායින් සින්දු අහන එක පාරෙ යනවිටත්, පෝලිමක සිටින විටත්, හුදකලාව විවේකයෙන් සිටින විටත්, බස් රථයේ දුම්රියේ යන විටත් නිතර දකින්න පුළුවන් දෙයක්. සමහරු නම් නින්දට යන්නෙත් මේ ඉයර්ෆෝන් කනේ ගහගෙනමයි. අන්න ඒක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි කියල කියන්න තමයි මේ හදන්නෙ.

ඉයර්ෆෝන් පාවිච්චිය නවත්වන්න කියල නෙවෙයි මේ කියන්න හදන්නෙ. ඒක කාටවත් කරදයක් නැති අහිංසක වින්දනයක්. ඉයර්ෆෝන්වලදි ශබ්දය කෙලින්ම කණ ඇතුළට යනවා. ඒ කියන්නෙ බාහිරයට විහිදෙන්නෙ නැතිවම. එතකොට කණට දැනෙන පීඩනය වැඩියි. පැය කිහිපයක් වැඩි ඩෙසිබල් ගණනකින් යුතුව ඉයර්ෆෝන් පාවිච්චි කරන එක හානිකර වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම නින්දේදී ඉයර්ෆෝන් පාවිච්චිය නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. නින්ද කියන්නේ විවේකය. නින්දේදි මොළයට විවේකය අත්‍යවශයයි. නිදාගන්න වෙලාවටත් සින්දු ඇහෙද්දි මොළයට සම්පූර්ණ විවේකයක් ගන්න බැරි වෙනවා. කනට ඇහෙන එක්තරා මට්ටමකට වඩා ශබ්දයෙන් වැඩි දේවල් මොළය නින්දේ ඉද්දි වුනත් හඳුනා ගන්නවා. නින්දේ හිටියත් ලොකු සද්දයක් වුණොත් ඇහැ ඇරෙන්නෙ ඒකයි. දිගටම සද්දෙ ඇහෙද්දි මොළය හරියට නිදාගන්නෙ නැහැ.

මේකෙන් තවත් භයානක දෙයක් වෙනවා. ඒක තමයි තාවකාලික බිහිරි බව. මුලින්ම සිද්ධ වෙන්නෙ කනේ සංවේදීතාව අඩු වෙන එක. කුඩා ශබ්ද ඇහෙන්නෙ නැතිව යනවා. මේක මුලින්ම එන්නෙ තාවකාලිකව. මුලින් මුලින් මේක විනාඩි 10 ක් විතර වෙද්දි යථා තත්ත්වයට පත් වෙනවා. ඒත් පසුව මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඉයර්ෆෝන් පාවිච්චිය උපරිම පැයකට සීමා කරන්න.

අනිත් දේ තමයි නින්දට යද්දි සින්දු අහන එක පුරුද්දට යනවා. කාලයක් යද්දි සින්දු නැතිව නිදාගන්න බැරි වෙනවා. එහෙම වෙලා නම් විනාඩි 30 ක් 45 ක් ඇතුළත ඉබේ ඕෆ් වෙන්න දාගෙන අඩු වොලියුම් එකකින් සින්දු ප්ලේ කරන්න. තවත් එකක් ඔයාලට මෙලඩීස් විතරක් අහන්න පුළුවන් නම් නිදා ගන්නකොට විතරක්වත් ඒක වඩාත් සුදුසුයි.