ඉන්ධන මිල නුදුරේදීම ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ කියයි

126

ඉන්ධන මිල නුදුරේදීම ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජීවන වියදම් පිළිබද අමාත්‍ය අනු කමිටුව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට තීරණය කර ඇති බවයි.

වැඩි මිලට ඉන්ධන මිලදී ගෙන අඩු මිලට අලෙවි කිරීම හේතුවෙන් මේ වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි 33,100ක් බව ද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.