BREAKING NEWS
Search

ඉන්දීය ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී කුමාර් සන්ගක්කාර ගැන් කිවුව කතාව

1178

රවිශංකර් ශාස්ත්‍රි යනු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සහ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ය. ක්‍රීඩකයෙකු ලෙස ඔහු 1981 සිට 1992 දක්වා ටෙස්ට් හා එක්දින තරග දෙකෙහිම ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.වැඩිදුරටත් අදහස් දක්වමින් රවි ශාස්ත්‍රි මහතා මෙසේ ප්‍රකාශ කළේය. කුමාර් සංගක්කාර,දක්ෂ ක්‍රීඩකයෙක්,විශ්වාසදායක පාලකයෙක්,දක්ෂ චින්තකයෙක්,වසර 15 කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට කටයුතු කළේය.

සිය රට වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා 500 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට ඔහු සමත් විය.සංගක්කාර ක්‍රිකට් පිටියට පැමිණී මුල් අවදියේ දී 2000 දී සිම්බාබ්වේ ඒ පිලට එරෙහිව 156 ක ලකුණු ප්‍රමාණයක් ලබාගැනිමට ඔහු සමත් විය.වයස අවුරුදු 22 දී එක්දින සංචිතයේ ස්ථානයක් ලබා ගත් ඔහු සිය දෙවන තරඟයේ දී තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. සංගක්කාර ඔහුගේ දක්ෂ සහකරු වන මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ ඔහුගේ දක්ෂතාවයේ උච්චතම ස්ථානයට පැමිණියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කලේ මම සන්ගක්කාරව පළමු තරගයේ සිටම දැක තිබෙනවා.ඔහු තරග කරන හැම වේලාවේම සිය ස්තානය හොදින් රැක ගත්තා.සන්ගා නිතර දක්ෂතා අතර ඉන්න ක්‍රිඩකයෙක්.ඔහු සමකරන්න අමාරු ක්‍රිඩකයෙක්. තෙන්ඩුල්කාර් වගේම විශිෂ්ඨයෙක්.ඔහු ලබපු හැම ශතකයක්ම,ද්විත්ව ශතකයක්ම ඊට සාක්සි දරයි.

ඔහු ශ්‍රිමත් දොන් බ්‍ර්ඩ්මන් හා සමානයි. ශ්‍රි ලාන්කිකයන් සැබැවින්ම ඒ ගැන ආඩම්බර වෙන්න ඔනි. සන්ගක්කාර රැස්කල ලකුණු ගැන විතරක්ම නෙමෙයි.ක්‍රිඩා පිටියෙන් එහා තියෙන ඔහුගේ මහත්මා ගුණ‍ය අගය කල යුතුමයි.සන්ගාට මහේලට නිසි පිලිගැනිම ලැබුණ ද කියන එක ඇත්තටම සිතන්න ඔන. ඔවුන් ඉන්දියාවේ හිටියා නම් ඔවුන්ට ඉහළම තැන ලැබෙනවා.සැබැවින්ම සන්ගක්කාර විශිෂ්ට ක්‍රිඩකයෙක්.