BREAKING NEWS
Search

ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කරයි

268

ඉන්දිය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඔහුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව වාර්තා වූයේ පසුගිය,සඳුදායි.

රෝගී තත්ත්වයේ යම් උත්සන්න වීමක් හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගත කර ඇති බවටයි මෙම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

සචින්,නිමා වූ ලෝක ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී ඉන්දිය කණ්ඩායම නායකත්වය දුන් අතර මේ වනවිට එම කණ්ඩායමේ ක්‍රීඩකයින් සිව් දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බව තහවුරු වුණා.

මේ අතර සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරන සචින් තෙන්ඩුල්කාර් පවසන්නේ,ආරක්ෂාකාරී පියවරක් ලෙස තමන් මෙලෙස රෝහල් ගත වීමට තීරණය කළ බවත්, තවත් දින කිහිපයකින් නිවස වෙත යාමට හැකි වෙතැයි විශ්වාස කරන බවත්ය.