BREAKING NEWS
Search

ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට කොරෝනා නොතකා බැතිමතුන් ලක්ෂ 70ක් සහභාගි වෙයි

191

ඉන්දියාවේ කුම්භමේලා ආගමික උත්සවය ඊයේ (30) නිමාවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින වත්මන් කොරෝනා වසංගත තත්ත්වය නොතකා කුම්භමේලා උත්සවයට බැතිමතුන් ලක්ෂ 70 ක් පමණ සහභාගි වී තිබේ.

මෙවර මාස 03 කට අධික කාලයක් කුම්භමේලා උත්සවය පැවැත්විය.

මේ සඳහා සහාභාගී වූ බැතිමතුන්ගෙන් ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට කොරෝනා පරීක්ෂණ සිදු කර ඇති අතර ඉන් 2,600 ක් කොරෝනා ආසාදිතයින් බව හඳුනා ගෙන තිබේ.

මේ අතර ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 402,110 දෙනෙකු වාර්තා වී තිබේ.

එය දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි.

එම කාලය තුළ වාර්තා වන මරණ සංඛ්‍යාව 3,522 කි.

මේ අතර තවත් වයස් කාණ්ඩයක පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත ලබාදීම අද ඉන්දියාවේ මුම්බායි නුවරදී ආරම්භ වේ.

ඒ,අවුරුදු 18 හා 44 අතර වයසේ පසුවන පුද්ගලයින්ටයි.

මුම්බායි නුවර රෝහල් 05 කදී එන්නත් ලබා දීම සිදුවන බව ඉන්දීය වාර්තා අනාවරණ කළේ ය.

කෙසේවෙතත් එම වයස් ඛාණ්ඩය සඳහා ඉතිරිව ඇත්තේ එන්නත් මාත්‍රා 20,000 ක් පමණයි.

පෝලිමේ ගොස් එන්නත ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට අවසර දී නොමැත.

ඉන්දීය බලධාරීන් අවධාරණය කර ඇත්තේ,ඔන්ලයින් ඔස්සේ ලියාපදිංචි වූවන්ට පමණක් එන්නත ලබාදෙන බවය.