ඉදිරි සති 2 තුළ‘කොවිඩ් මරණ වැඩි විය හැකි බවට’ අනතුරු ඇඟවේ

371

ඉදිරි දින 14 තුළ මෙරට කොරෝනා රෝගීන් සහ මරණ ගණන ඉතා වේගයෙන් ඉහළ යනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

කොවිඩ් රෝගීන් වැඩි වීම පාලනය කර නොගත හොත් රට ව්‍යසනයකට තල්ලුවිය හැකි බවයි ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ.

ආයතනවලට අනවශ්‍ය සේවකයන් රාජකාරි සඳහා ගෙන්වීම ද නතර කළ යුතු බවයි උපුල් රෝහණ මහතා පවසන්නේ.