BREAKING NEWS
Search

ඉදිරි සතියේ සිට සතොස බඩු මිලත් ඉහළට

145

සතොස අළෙවි කරන ආහාර ද්‍රව්‍ය වල මිල ඉදිරි සතිය වන විට ඉහළ යා හැකි යැයි සතොස සභාපති ආනන්ද පීරිස් පවසනවා.

සතොස භාණ්ඩ සැපයුම්කරුවන්ගේ මාස 03ක ගිවිසුම් කාලය පසුගිය 30 වැනිදා අවසන් වූ බවත් මේ මස සිට ඉදිරි මාස 03 සඳහා නව ගිවිසුමකට එළඹ්මේ දී ඇතැම් විට ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යා හැකි බවත් සභාපතිවරයා පැවසීය.

වෙළෙඳපොලේ ආහාර ද්‍රව්‍ය රැසක තොග මිල ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 165ක් ලෙස සතියකට පෙර පැවැති බවත් මේ වන විට පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 198ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙළෙදපොල ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලුම හාල් වර්ග වල තොග මිල ද මේ වන විට ඉහළ ගොස් ඇති බවත් හාල් මිල තව දුරටත් ඉහළ යනු ඇතයි ද පැවසේ.

යොහාන් භාසුර