ඉදිරි දින තුනේ හැඳුනුම්පත් භාවිත කරමින් ගමන් යාමට අවසර නෑ -කඩසාප්පුත් වැසේ

202

අද (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේදී ජනතාවට හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිත කරමින් හෝ ගමන් යාමට කිසිදු අවසරයක් නොමැති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ,ඉදිරි දින තුන තුළ සම්පූර්ණයෙන්ම පුද්ගල සංචරණය සීමා වන බවය.

ඒ අනුව කඩ සාප්පු විවෘත කිරීම කිසිසේත් සිදුකළ නොහැකි බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,ඔසුසැල් පමණක් විවෘතව පවතින බව ද පැවසීය.

අත්‍යවශ්‍ය ම කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යාමට අවසර හිමිවන අතර,රෝහලක් වෙත හෝ ඖෂධ මිල දී ගැනීමක් සඳහා පමණක් අවසර හිමිවන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉදිරි දින අවසන් වීමෙන් පසුව එනම් 17 වන සඳුදා දින අලුයම 4න් පසුව හැඳුනුම්පත් ක්‍රමවේදය අනුව නිවසින් බැහැරව යා හැකි බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.