ඉගෙනගන්න සල්ලි හොයපු දුප්පත් ළමයෙකුට ලක්ෂ12 ක උපාධියක් තිළිණ කළ සචිත් පීරිස්

383

සචිත් පීරිස් කියලා කියන්නේ කලකට ඉහතදී ජනතාව අතර විශාල වශයෙන් ප්‍රසිද්ධියක් අත්පත් කරගත් දක්ෂ සංගීතඥයෙක්. ඉතින් අවුරුදු කීපයකට කලින් ක්ෂේත්‍රයෙන් ඈත් වීම නිසා ගොඩක් දෙනෙක් සචිත් පිළිබඳ කතා කරන්නේ නැහැ.

ඉතින් ඔහු ක්ෂේත්‍රයෙන් ඈත් වුණේ පිළිකා රෝගයකට ගොදුරු වීමෙන්. ඉතින් ඒ පිළිබඳව ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් මේ රෝගී තත්ත්වය නිසාම ඔහු ජීවිතය විඳින්න ඕනි අපමණ දුක් දෝමනස්සයන් විඳිනවා.

ඒ වගේම ඔහු ළඟම සිටි සමීපතයන් ඔහුට අහිමි වෙනවා. වරෙක ඔහු ප්‍රකාශ කරන්නේ  තමන්ට ලෙඩක් දුකක් හැදුනහම ළඟම ඉන්න හොඳම මිනිස්සු කවුද කියලා ඉක්මනින් තේරුම් ගන්න පුළුවන් කියලයි. අසනීප වීමට පෙර මාස හයකට පමණ කලින් සචිත් විවාහ ජීවිතයට අවතීර්ණ වෙනවා.

නමුත් ඔහුගේ අසනීප තත්ත්වය  දැනගත් වහාම ඔහුගේ ආදරණීය බිරිඳ ඔහු හැර යනවා. සචිත් මේ පිළිබඳව සඳහන් කරන්නේ ඇයට දරාගන්න බැරුව ඇය ගියාට මගේ හිතේ කිසිම අමනාපයක් නැහැ කියලයි.

කෙසේ නමුත් විදෙස් රටක ප්‍රතිකාර ලබාගෙන  මෙරටට පැමිණි සචිත් මේ වෙද්දි යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වෙනවා. සුපුරුදු පරිදි නැවතත් සංගීත ක්ෂේත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කරන ඔහු මිනිසුන් වෙනුවෙන් පිහිට වන පුද්ගලයෙක් වශයෙන් ද මේ දවස් වල වැඩිපුර කතා බහට ලක්වෙනවා.

මෑත කාලයේ ඔහු හරි අපූරු තෑග්ගක් දුප්පත් ළමයෙක්ට ලබා දෙනවා. ඉගෙන ගැනීමට සල්ලි නොමැතිව විශ්ව විද්‍යාලයක උපාධියක් කිරීමේ අධිෂ්ඨානයෙන් වෙළදාම් කටයුතු සිදු කරපු අපූරු තරුණයෙක්ට තමයි ඔහු මේ  මිල කළ නොහැකි වටිනා තෑග්ගක් ඉන්නේ.

ඉගෙනීමේ අගය සහ ආර්ථික අපහසුතාවය පිළිබඳ හොඳටම දන්නා සචිත් උපාධියක් කරන්න සතේ සතේ ඉතුරු කරන මේ තරුණයා ට ICBT කැම්පස් එක හරහා ව්‍යාපාරික අංශයේ උපාධියක් හැදෑරීමට ලක්ෂ 12ක් වටිනා ශිෂ්‍යත්ව මුදලක් ත්‍යාග වශයෙන් ලබා දෙනවා.

ICBT විශ්ව විද්‍යාල සමඟ මුලින්ම කතා කරන සචිත් මේ තරුණයා පිළිබඳ සියලු විස්තර සපයා ඔහුට ඉගෙන ගැනීමට මේ මේ අනගිභවනීය අවස්ථාව උදාකර දෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සංවේදී වන මේ තරුණයා සචිත් ට වැඳ නමස්කාර කර මේ වටිනා තෑග්ග පිළිගන්නවා.

ඉතින් සචිත් පවසන්නේ ඔහු පිළිකා රෝගයෙන් පෙළුණු කාල වකවානුව තුළදී ජීවිතයේ අනිත්‍ය භාවය බව තේරුම් ගත් බවත් ජීවත්වන ටික කාලේ කාට හරි උදව් කරන්න ඕනි කියන චේතනාව ඔහු තුළ තියෙනවා කියලත් ඔහු සඳහන් කරනවා.